දුක වැඩි කමට,
නෙතු අග රැදුණු,
කදුළු බිංදුවද නුඹ..
මගෙ සිත හදපු,
සිත තුළ රැදුණු,
මගේ පැතුමද නුඹ...
මා ළග සිටිය,
අද මට අහිමි,
මගේ සොදුරියද නුඹ..
අහිමිව සැමදේ,
අද තනි වූ මා,
කොහේ සැඟවුනිද ඔබ...
දුක වැඩි කමට,
නෙතු අග රැදුණු,
කදුළු බිංදුවද නුඹ..
මගෙ සිත හදපු,
සිත තුළ රැදුණු,
මගේ පැතුමද නුඹ...
මා ළග සිටිය,
අද මට අහිමි,
මගේ සොදුරියද නුඹ..
අහිමිව සැමදේ,
අද තනි වූ මා,
කොහේ සැඟවුනිද ඔබ...
ඇවිත් මගේ ළග දැවටිලා,
නෙතු පියන් මත සැගවිලා,
බොඳවූ සිහිනය නුඹයි,
හදේ සුසුමක දැවටිලා,
නෙතට පිය දසුනක් වෙලා,
සිතේ තහනම් හැගුම් මවනා,
අහිමි කවිකාරිය නුඹයි...
සොදුරු ජීවන් මං තලාවේ,
දිනෙක දුටු බව හොදින් දනිමී..
සිහින් නිල්වන් නුවන් කැල්මෙන්,
කතා කල බව ඉතින් කියමී...
වරම් නැතිමුත් ළන්ව ඉන්නට,
අහිමි පැතුමට පෙරුම් පුරමී...
මගෙන් වරදක් සිදු වුනා නම්,
සමාවනු මැන ඔබෙන් යදිමී...
ජීවිතේ දිගු වන්දනාවේ,
සංසාරේ ළන්ව ඉන්න ඇතී..
ළගින් නැතිමුත් දුරක සිට හෝ,
නැවත අප හමුවන්න ඇතී...
හමුව වෙන්වෙන,
නැවත් හමුවන,
ගිමන් හළ මෙය වෙන්න ඇතී..
සිහින පොදි බැද ඈත යමු අපි,
යළිදු අප හමුවනු ඇතී...
සොදුරු දිවියට,
අදුරු සෙවනැලි,
කිසි දිනක ළන් වනු එපා..
සිහින් දුගු ඇති නීල නෙතු අග,
කදුළු මල් පූදිනු එපා...
දෙතොල මත නැගි,
රන් සිනා මල්,
කිසි දිනෙක වියකෙනු එපා...
සිහිනෙකින්වත් සියුම් හදවත,
දුකුන් නම් බරවෙනු එපා...
රුවට රුවේ මලක් පිපී සිනා වැගිරෙනා..
ගහ කොල මල් දුක් නිවන්න දුක් ගී ගැයුනා..
අනුරාගී නෙතින් බලා ගං තෙර සැලුණා..
සිලි සිලි යන හඩ තලමින් මල් පෙති සැලුණා..
රෝස මලක පෙති තලලා බඹරිදු හැඩුවා..
දුක් ගී ගයමින් නිරතුරු රන්තරු නිවුණා..
සිහිනෙන් නුඹ පිබිදෙන කල් මා නිදි මැරුවා..
තනිවන හැම දින අප මෙලෙසින් හැඩුවා...
මල් රැදි නුඹෙ කොපුල් තලේ කඳුළැලි නැගුණා..
ඒ කදුළට වහල් වෙලා මා සිත සැළුණා..
සිහනෙක නුඹ දැවටී හිද මා නැලවූවා..
තනිවන හැම දින අප මෙලෙසින් හැඩුවා...
සංසාරේ අප හිනැහෙන දවසක් දුටුවා..
ආලවන්ත ඔය දෑසට සෙනෙහස පිරුණා..
ඔසරි පොටේ පුන්චි රෝස මල් පෙති සැලුණා..
මල් වැස්සට හිනා වෙවී අප තනිවූවා...
සෙනෙහසේ මල් නුඹේ නමින් පරවී යනවා..
පැවසූ වදන් නුඹේ හඩින් බොඳ වී යනවා..
සිහිනෙන්වත් යළි ඒ යැයි සිහින දකිනවා..
නොදුටු රුවට සිහින කොහිද සිත විමසනවා...
තනිකම තියාන හිත යට රහසේ
වසන්තයක් තව ගෙවී ගියා..
හිතක කොනේ ඔබ හුන් තැන තියන
මතකය විතරක් ඉතිරි වෙලා..
මගේ හිත පුරා ලගටම වෙලා
ඉන්නවා ඔබ මගේ කියා..
ජිවිතේ මගේ ආදරේ
ඒ ඔබම තමා ඔබ දන්නවා,
මාගේ දෑසේ තනි වුණු හීනේ
ඔබේ රුව තාම අදින්න ඇති..
හීන නැතත් මගේ කළුවර අහසේ
මතක අපේ හිත කොනක ඇති..
සඳ මඩල පුරා මුළු ලොවට හොරා
හිතුමතේ තනි වෙලා හීනය දීගේ ඔබේ වීලා
නිහඩ හිතට රහසේ ඇවිල්ලා අහිමි හීන අමුණා
ගෙනල්ලා
හද ගැස්ම වෙලා මුළු ලොවට හොරා
පපු තුරට වෙලා ඉන්නම්
මගේ හිත පුරා ලගටම වෙලා...
අංජලී
අන්ධකාරයක් වූ ජීවිතයට මගේ,
වූවා ඉටි පහනක් ඔබ..
ඉටි අවසන් වුණිද.?
සුළගට නීවී ගියාද.?
නොදනිමි මා..
අන්ධකාරය නැවතත්,
මා වෙළාගත් බව පමනක්,
දනිමි මා...
පියමන් කලත් දහස් වාරයක්,
මා අසලින් ඔබ..
පැවසුවේ නෑ එක වදනක්වත්,
සිනාසෙනු හැර..
තරහක්ද.? අමනාපයක්ද.?
මගේ ගැන..
බලා හිදින්නෙමි මගේ සිත,
තවමත් ඔබ ලඟ...
උපත ජීවිතයේ ආරම්භයයි,
ලස්සන ජීවිතයේ කලාවයි,
ආදරය ජීවිතයේ ජීවයයි,
මරණය ජීවිතයේ අවසානයයි,
නමුත්.. මිතුදම,
ජීවිතයේ හදවතයි...
ලිපියකට පිළිතුරක් නැති මුත්,
සිනහවයට ප්‍රති සිනහවක් නැති මුත්,
වදනකට පිළි වදන් නැති මුත්,
සැමදා මා ඔබේ යහළුවා...
සඳ ලස්සන කලුවර අහසට,
හිරු ලස්සන පැහැදිළි අහසට,
තරු ලස්සන හඳ ඇති අහසට,
ඔබ ලස්සන මාගේ අහසට...
වැස්සක් නැති තැන දේදුන්නක් කොයිබද..?
මූදක් නැති තැන වෙරළක් කොයිබද..?
මල් නැත්තම් මල් වත්තක් කොයිබද..?
ඔබ නැතිනම් මා මෙලොවේ කොයිබද...
නෙතේ කදුළැලි සිරවුණා,
වැහි වැළාවන් යා වුණා,
විදුලි කොටමින් ගිගුම් හඩ දී,
දුකක මහ වැසි යා වුණා...
පෙරුම් පුරමින්,
කප් සියප් කල්,
පැතු පැතුමන් බොඳවුණා,
ඔබට බැඳි පෙම කැඩපතක් වී,
ඇද වැටී බිම විසිරුණා...
කුරුලු ගීතය ගොළුවුණා,
පිපුනු මල් පෙති ගිලිහුණා,
අමාවක සඳ හිනැහුණා,
ප්‍රථම ප්‍රේමය සියපතක් වී,
පිපෙන්නට පෙර පරවුණා...
ඇස් අයිනෙන් වැටෙන කදුළු,
තාමත් මට තියෙනවා..
යාන්තමෙන් හිත වාවන්,
තාමත් මන් ඉන්නවා..
ඈත එදා මන් සැමරුම්,
තාමත් ලඟ තියෙනවා..
ගාල් නොවෙන් හීන තවත්,
රහසින් හිත බිදෙනවා...
නුඹ සඳක් නම්..
නුඹේ අහස් කුස,
මම වෙන්නද.?
නුඹ මලක් නම්..
මලෙහි නටුව,
මම වෙන්නද..?
නුඹ වැස්ස නම්..
වැස්ස සිඹිනා මහ පොළව,
මම වෙන්නද..?
නුඹ ආදරේ කරනවා නම්..
ඒ මටම විතරක් වෙනවාද..?
සිහින පෙළක සිත පටලන,
ගීත අතර මුව රදවන,
ඈත දුරක පා ගෙනයන,
ඒ නුඹමයි හද විමසන...
වරෙක ඇවිත් හද සනසන,
තවත් වරෙක හද රිදවන,
ආදර විජිතය පතමින,
නුඹ සොයලා පියමැන එන...
සංසාරය පුරා දිවෙන,
ආදරයක් හිත පුරෝන,
නුඹේ.. සෙනෙහසක් සොයන,
පියමැන එමි මේ විලසන...
සසර පුරුදු ලෙස,
පාරමී පුරා,
බැන්ද සෙනේ අද දුරස් වෙලා,
මට හිතාගන්න,
මට දරාගන්න,
බැරි තරමට ඔබ අද,
වෙනස්වෙලා...
නපුරු සිතින් මා රිදවා,
ගිය නමුත් ඔයා,
මා වෙතම යලිත් ඔබ එනවා,
සිහිනයක් වෙලා...
ජීවිතය තවත් එක් මතක වස්ත්‍රයකි,
ජීවිතය ලිහන්නට බැරි ගෙත්තමකි,
ආදරය වළාකුලු මත ඇදි සිත්තමකි,
ඔබ, කිසිදා කිසිවිටක හැරදමා යා නොහැකි වස්තුවකි...
තනි තරුවයි ඔබ,
හිරු කිරණ මැකී යයි,
අදුරු වළාවක ලොව ගිල්වා,,
පායා මේ රැයෙහි,
තනි වූ නුබත් මා වැනියෙකු සේ,
හැගෙයි මා හදවතට...
සඳ නොමැති රැය,
පුරා විසිරී අහස් කුස තුළ,
නේක වූ තරු රටා ඇත,
නමුත් වු අහස් කුස තුළ,
තනිවී ඇති තනි තරුවක්...
දුටු දින සිට මා බලා සිටින්නෙමි,
රැය පුරා නුඹ සිටිනා දුර දිග,
සැබැවින්ම නුමත් මට අහිමි,
දුර සිටිනා ඈ වැනිය...
ළැබැදි තනි තරුවේ,
නුඹෙන් මා ලබන සතුට,
අපමණය.,
අපරිමිතය.,
මන්ද යත්,
මගේ සිතේ ඇති ඇගේ රුව,
නුඹ තුලින් මා සැම විට දකින නිසාවෙනි...
අහිමි බව දැන දැනත්,
රිදුන හිත හංඟගෙන,
මග බලා හිදින්නම්,
නුඹෙ නමින් හැමදාම...
දුක පිරි තිබූ දෙනෙතින්,
ජීවිතේ ඉදුරාම,
එන්න මා වෙතට,
දෙවරක් නොසිතාම...
අතරමන් වෙලා මගෙ හිත...
නෙතු දෑල දෙවුරම,
කඩා බිඳගෙන කඳුළු දියවර,
ගලා හැලෙනා දාක...
ඉතිං දෝතින් කොහොම,
වළකම්ද මේ කදුළ...
අහිමි බව දැන දැනම,
නොදන්නා සේ දුරක ගිය හිත,
මගෙන් අසනවා පාර,
යළිත් එන්නට...
මක්කරන්නද,
මටත් පාර මතක් නැති කොට...
මමම මගේ කවිකමට,
වෛර බදිනා තැනට,
ගෙනා හැටි නොදැනම,
ඉඩදෙමි පවසන්න,
තත්පරයක් රැදෙමි මම්...
නුබ මගේ හිත රැගෙන,සිපගත් හැඩ සීරුවට,
දැක දැකම තුටු උනෙමි,
මම මගේ දුප්පත් හිත ගැන...
පුංචි කුමාරියේ මා අත,
කිසිදු වරදක් නැතිද...
කියන් ඉකිබිදින්නේ නැතිව,
මේ තරම් පෙලූයේ ඇයි මාව...
කිසිදා ආදරය නොකළෙමි මම,
කිසුදා ආදරය නොවින්දෙමි මම,
පහන් එලියක්වත් නොදැකි මා හට,
සඳ එළියක් වූයේ., නුඹයි මා හට,
සැනසුනි මා නුඹෙන් ලද ප්‍රේමයෙන්...
ජීවිතයේ අරුත කියාදුන් ඔබම,
ආදරය කිමැයි කියාදුන් ඔබම,
මා තනිකර ගිය අරුමය,
අදහාගත නොහැකිවී,
තවමත් වැළපෙයි මා සිත,
සොයමි කොහේදෝ නුඹ ගියේ කියා...
හිත ගාව නිදි වරපු,
හීන අද බොඳ වෙලා...
දෙතොලතර දඟ කරපු,
වදන් අද තරහ වෙලා...
සවන්, නුබේ හඩ නැතුව,
පාළුවට ගුලි වෙලා...
එත් නුබ තනි රැකපු,
හිත තවම නුඹෙ වෙලා...
සංසාර විල්තෙරේ,
මුකුලිතව සිනාසෙන,
තුහින මැද ඉගි කරන,
පිංසාර සියපතේ...
ලොවම දුටුවත් ඔබේ හැඩරුව ,
සුවද විදිනට මටයි අවසර,
සීත මදනල දුරට පා කර,
පෙති අතර උණුහුමට හුරු විය...
බඹර තුඩගට ලන් නොවී,
සගවාන වුන් ඒ මුදු සුවද,
ඉරා මිහිදුම් පටල අතරේ,
සොය සොයා වෙහෙසුනා අහසේ...
සිතිජයක් තුළ ඈත අහසේ...
අහින්සක සිත් පැහැරගත් ඔබ...
සොදුරු තරුවකි...
දුටුව දසුනට රැවටිලා මම..,
මිරිගුවක් පසුපසින් ගොස්...
ඈත සයුරේ අතරමන් වූ...
තවත් එක් රුවල් ඔරුවකි මම..,
තරුමල් පිරිවර සමගින් ගැවසෙන...
නෙක වලාකුළු පාවෙයි දස අත...
ඒ අතරින් ඔබ බැබලෙන සදවත...
ඔබට බොහෝ දුරයි, මම වෙමි මිහිකත...
වලාකුළක් වී නම් ඔබ පසුපස එන්නෙමි...
තරුවක් වී ඔබ ළග දැවටී ඉන්නෙමි...
පිං මදි වී මහ පොළොවක් වූවෙමි...
මතු සසරේ තරුවක් වීමට පතනෙමි...
හඩන සිතක් ලග දනින් වැටී එපා තවත් අසරණ වෙන්න...
හිමි නැති හදකට සිත් සේ බැදිලා එපා තවත් තනි වී ඉන්න...
නුබේ නමට මා නොබැදෙන බව දැන එපා තවත් නොසැලී ඉන්න...
සිතක දැඩිබව රකින්නට බෑ සැමදා...
විදින සෝ දුක් දරන්නට බෑ සැමදා...
ගලන කදුලැලි පිසින්නට බෑ සැමදා...
අයෙක් තනියම ඉදින්නේ නැත සැමදා...
මල් සුවද දිගේ හෙමි හෙමින් ඇදී යන...
සුළං පොදක් මග නතර වෙලා...
මගේ දෑසෙ තිබු කදුළු බිංදු දැක...
දුක අහන්න ළග නතර වෙලා...
රෑ අහස පුරා සඳ හිනහෙන රැයකදි...
මම සදට කියන්නම් මගේ තතූ...
නුඹ අසා සිටීවිද, වරක් අසාවිද...
මගේ සෙනෙහෙ මොහොතක් නැවතී...
මුලු රැයක් පුරා නිදිවරා හිදින්නම්...
හිත් කවුලු පියන් හැර තබා බලන්නම්...
නුබේ සුවද බිදක් මට එවනවානම්...
ඒ සුවද විදින්නම්,
දුක දුරලන්නම්,
සෙනෙහස බිදුවක් රඳවනවානම්...