Saturday, August 15, 2015

හැරගිය කුමරිය.

අතරමන් වෙලා මගෙ හිත...
නෙතු දෑල දෙවුරම,
කඩා බිඳගෙන කඳුළු දියවර,
ගලා හැලෙනා දාක...
ඉතිං දෝතින් කොහොම,
වළකම්ද මේ කදුළ...

අහිමි බව දැන දැනම,
නොදන්නා සේ දුරක ගිය හිත,
මගෙන් අසනවා පාර,
යළිත් එන්නට...
මක්කරන්නද,
මටත් පාර මතක් නැති කොට...

මමම මගේ කවිකමට,
වෛර බදිනා තැනට,
ගෙනා හැටි නොදැනම,
ඉඩදෙමි පවසන්න,
තත්පරයක් රැදෙමි මම්...

නුබ මගේ හිත රැගෙන,සිපගත් හැඩ සීරුවට,
දැක දැකම තුටු උනෙමි,
මම මගේ දුප්පත් හිත ගැන...

පුංචි කුමාරියේ මා අත,
කිසිදු වරදක් නැතිද...
කියන් ඉකිබිදින්නේ නැතිව,
මේ තරම් පෙලූයේ ඇයි මාව...

No comments:

Post a Comment