සොදුරු ජීවන් මං තලාවේ,
දිනෙක දුටු බව හොදින් දනිමී..
සිහින් නිල්වන් නුවන් කැල්මෙන්,
කතා කල බව ඉතින් කියමී...
වරම් නැතිමුත් ළන්ව ඉන්නට,
අහිමි පැතුමට පෙරුම් පුරමී...
මගෙන් වරදක් සිදු වුනා නම්,
සමාවනු මැන ඔබෙන් යදිමී...
ජීවිතේ දිගු වන්දනාවේ,
සංසාරේ ළන්ව ඉන්න ඇතී..
ළගින් නැතිමුත් දුරක සිට හෝ,
නැවත අප හමුවන්න ඇතී...
හමුව වෙන්වෙන,
නැවත් හමුවන,
ගිමන් හළ මෙය වෙන්න ඇතී..
සිහින පොදි බැද ඈත යමු අපි,
යළිදු අප හමුවනු ඇතී...
සොදුරු දිවියට,
අදුරු සෙවනැලි,
කිසි දිනක ළන් වනු එපා..
සිහින් දුගු ඇති නීල නෙතු අග,
කදුළු මල් පූදිනු එපා...
දෙතොල මත නැගි,
රන් සිනා මල්,
කිසි දිනෙක වියකෙනු එපා...
සිහිනෙකින්වත් සියුම් හදවත,
දුකුන් නම් බරවෙනු එපා...
No comments:
Post a Comment