Sunday, September 20, 2015

කොහේ සැගවුනිද ඔබ,

දුක වැඩි කමට,
නෙතු අග රැදුණු,
කදුළු බිංදුවද නුඹ..
මගෙ සිත හදපු,
සිත තුළ රැදුණු,
මගේ පැතුමද නුඹ...

මා ළග සිටිය,
අද මට අහිමි,
මගේ සොදුරියද නුඹ..
අහිමිව සැමදේ,
අද තනි වූ මා,
කොහේ සැඟවුනිද ඔබ...

Saturday, September 19, 2015

විසල් අහසට පෙම් කලෙමි මම

පුරහඳද නැති,
එකම තරුවක්ද නැති,
කලුම කලුපාට,
විසල් අහසට,
පෙම් කලෙමි මම,
ඒ අහස නුඹ නිසා...

Monday, September 14, 2015

අහිමි කවිකාරිය

ඇවිත් මගේ ළග දැවටිලා,
නෙතු පියන් මත සැගවිලා,
බොඳවූ සිහිනය නුඹයි,
හදේ සුසුමක දැවටිලා,
නෙතට පිය දසුනක් වෙලා,
සිතේ තහනම් හැගුම් මවනා,
අහිමි කවිකාරිය නුඹයි...

Saturday, September 12, 2015

දුකින් නම් බරවෙනු එපා...

සොදුරු ජීවන් මං තලාවේ,
දිනෙක දුටු බව හොදින් දනිමී..
සිහින් නිල්වන් නුවන් කැල්මෙන්,
කතා කල බව ඉතින් කියමී...

වරම් නැතිමුත් ළන්ව ඉන්නට,
අහිමි පැතුමට පෙරුම් පුරමී...
මගෙන් වරදක් සිදු වුනා නම්,
සමාවනු මැන ඔබෙන් යදිමී...

ජීවිතේ දිගු වන්දනාවේ,
සංසාරේ ළන්ව ඉන්න ඇතී..
ළගින් නැතිමුත් දුරක සිට හෝ,
නැවත අප හමුවන්න ඇතී...

හමුව වෙන්වෙන,
නැවත් හමුවන,
ගිමන් හළ මෙය වෙන්න ඇතී..
සිහින පොදි බැද ඈත යමු අපි,
යළිදු අප හමුවනු ඇතී...

සොදුරු දිවියට,
අදුරු සෙවනැලි,
කිසි දිනක ළන් වනු එපා..
සිහින් දුගු ඇති නීල නෙතු අග,
කදුළු මල් පූදිනු එපා...

දෙතොල මත නැගි,
රන් සිනා මල්,
කිසි දිනෙක වියකෙනු එපා...
සිහිනෙකින්වත් සියුම් හදවත,
දුකුන් නම් බරවෙනු එපා...

Friday, September 11, 2015

මල් වැස්සට හිනා වෙවී...

රුවට රුවේ මලක් පිපී සිනා වැගිරෙනා..
ගහ කොල මල් දුක් නිවන්න දුක් ගී ගැයුනා..
අනුරාගී නෙතින් බලා ගං තෙර සැලුණා..
සිලි සිලි යන හඩ තලමින් මල් පෙති සැලුණා..

රෝස මලක පෙති තලලා බඹරිදු හැඩුවා..
දුක් ගී ගයමින් නිරතුරු රන්තරු නිවුණා..
සිහිනෙන් නුඹ පිබිදෙන කල් මා නිදි මැරුවා..
තනිවන හැම දින අප මෙලෙසින් හැඩුවා...

මල් රැදි නුඹෙ කොපුල් තලේ කඳුළැලි නැගුණා..
ඒ කදුළට වහල් වෙලා මා සිත සැළුණා..
සිහනෙක නුඹ දැවටී හිද මා නැලවූවා..
තනිවන හැම දින අප මෙලෙසින් හැඩුවා...

සංසාරේ අප හිනැහෙන දවසක් දුටුවා..
ආලවන්ත ඔය දෑසට සෙනෙහස පිරුණා..
ඔසරි පොටේ පුන්චි රෝස මල් පෙති සැලුණා..
මල් වැස්සට හිනා වෙවී අප තනිවූවා...

Sunday, September 6, 2015

ආදරය මට වැරදුණු

දඩබ්බර සිතකි,
ඔබ සතු..
සෙනෙහසින් මා ළඟ,
නැවතුණු..
ආදරය මට,
වැරදුණු..
ඔබ ගිහින් අද,
මගෙ හිරු...

Saturday, September 5, 2015

නොදුටු රුවට සිහින කොහිද..?

සෙනෙහසේ මල් නුඹේ නමින් පරවී යනවා..
පැවසූ වදන් නුඹේ හඩින් බොඳ වී යනවා..
සිහිනෙන්වත් යළි ඒ යැයි සිහින දකිනවා..
නොදුටු රුවට සිහින කොහිද සිත විමසනවා...

Wednesday, September 2, 2015

හද ගැස්ම වෙලා මුලු ලොවට හොරා.

තනිකම තියාන හිත යට රහසේ
වසන්තයක් තව ගෙවී ගියා..
හිතක කොනේ ඔබ හුන් තැන තියන
මතකය විතරක් ඉතිරි වෙලා..
මගේ හිත පුරා ලගටම වෙලා
ඉන්නවා ඔබ මගේ කියා..
ජිවිතේ මගේ ආදරේ
ඒ ඔබම තමා ඔබ දන්නවා,
මාගේ දෑසේ තනි වුණු හීනේ
ඔබේ රුව තාම අදින්න ඇති..
හීන නැතත් මගේ කළුවර අහසේ
මතක අපේ හිත කොනක ඇති..
සඳ මඩල පුරා මුළු ලොවට හොරා
හිතුමතේ තනි වෙලා හීනය දීගේ ඔබේ වීලා
නිහඩ හිතට රහසේ ඇවිල්ලා අහිමි හීන අමුණා
ගෙනල්ලා
හද ගැස්ම වෙලා මුළු ලොවට හොරා
පපු තුරට වෙලා ඉන්නම්
මගේ හිත පුරා ලගටම වෙලා...

අංජලී