දුක වැඩි කමට,
නෙතු අග රැදුණු,
කදුළු බිංදුවද නුඹ..
මගෙ සිත හදපු,
සිත තුළ රැදුණු,
මගේ පැතුමද නුඹ...
මා ළග සිටිය,
අද මට අහිමි,
මගේ සොදුරියද නුඹ..
අහිමිව සැමදේ,
අද තනි වූ මා,
කොහේ සැඟවුනිද ඔබ...
දුක වැඩි කමට,
නෙතු අග රැදුණු,
කදුළු බිංදුවද නුඹ..
මගෙ සිත හදපු,
සිත තුළ රැදුණු,
මගේ පැතුමද නුඹ...
මා ළග සිටිය,
අද මට අහිමි,
මගේ සොදුරියද නුඹ..
අහිමිව සැමදේ,
අද තනි වූ මා,
කොහේ සැඟවුනිද ඔබ...
ඇවිත් මගේ ළග දැවටිලා,
නෙතු පියන් මත සැගවිලා,
බොඳවූ සිහිනය නුඹයි,
හදේ සුසුමක දැවටිලා,
නෙතට පිය දසුනක් වෙලා,
සිතේ තහනම් හැගුම් මවනා,
අහිමි කවිකාරිය නුඹයි...
සොදුරු ජීවන් මං තලාවේ,
දිනෙක දුටු බව හොදින් දනිමී..
සිහින් නිල්වන් නුවන් කැල්මෙන්,
කතා කල බව ඉතින් කියමී...
වරම් නැතිමුත් ළන්ව ඉන්නට,
අහිමි පැතුමට පෙරුම් පුරමී...
මගෙන් වරදක් සිදු වුනා නම්,
සමාවනු මැන ඔබෙන් යදිමී...
ජීවිතේ දිගු වන්දනාවේ,
සංසාරේ ළන්ව ඉන්න ඇතී..
ළගින් නැතිමුත් දුරක සිට හෝ,
නැවත අප හමුවන්න ඇතී...
හමුව වෙන්වෙන,
නැවත් හමුවන,
ගිමන් හළ මෙය වෙන්න ඇතී..
සිහින පොදි බැද ඈත යමු අපි,
යළිදු අප හමුවනු ඇතී...
සොදුරු දිවියට,
අදුරු සෙවනැලි,
කිසි දිනක ළන් වනු එපා..
සිහින් දුගු ඇති නීල නෙතු අග,
කදුළු මල් පූදිනු එපා...
දෙතොල මත නැගි,
රන් සිනා මල්,
කිසි දිනෙක වියකෙනු එපා...
සිහිනෙකින්වත් සියුම් හදවත,
දුකුන් නම් බරවෙනු එපා...
රුවට රුවේ මලක් පිපී සිනා වැගිරෙනා..
ගහ කොල මල් දුක් නිවන්න දුක් ගී ගැයුනා..
අනුරාගී නෙතින් බලා ගං තෙර සැලුණා..
සිලි සිලි යන හඩ තලමින් මල් පෙති සැලුණා..
රෝස මලක පෙති තලලා බඹරිදු හැඩුවා..
දුක් ගී ගයමින් නිරතුරු රන්තරු නිවුණා..
සිහිනෙන් නුඹ පිබිදෙන කල් මා නිදි මැරුවා..
තනිවන හැම දින අප මෙලෙසින් හැඩුවා...
මල් රැදි නුඹෙ කොපුල් තලේ කඳුළැලි නැගුණා..
ඒ කදුළට වහල් වෙලා මා සිත සැළුණා..
සිහනෙක නුඹ දැවටී හිද මා නැලවූවා..
තනිවන හැම දින අප මෙලෙසින් හැඩුවා...
සංසාරේ අප හිනැහෙන දවසක් දුටුවා..
ආලවන්ත ඔය දෑසට සෙනෙහස පිරුණා..
ඔසරි පොටේ පුන්චි රෝස මල් පෙති සැලුණා..
මල් වැස්සට හිනා වෙවී අප තනිවූවා...
සෙනෙහසේ මල් නුඹේ නමින් පරවී යනවා..
පැවසූ වදන් නුඹේ හඩින් බොඳ වී යනවා..
සිහිනෙන්වත් යළි ඒ යැයි සිහින දකිනවා..
නොදුටු රුවට සිහින කොහිද සිත විමසනවා...